27 C
Colombo
Saturday, April 20, 2024

‘TV Derana’ Youtube නාළිකාවේ සියලු වීඩියෝ හැකර්වරුන් මකා දමලා. නමත් වෙනස් කරලා

- Advertisement -

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාළිකාවේ මෙතෙක් කලක් තිබූ සියලුම වීඩියෝ එය තම ග්‍රහණයට ගත් හැකර්වරුන් විසින් මකා දමා තිබෙනවා.

ඒ අනුව මේ වන විට එහි ඇත්තේ හැකර්වරුන් පාලනයට ගත් පසුව විකාශය වන සජීවී වැඩසටහන පමණයි.

එමෙන්ම එම Youtube නාළිකාවේ නමද මේ වන විට වෙනස් කොට ‘TV Derana’වෙනුවට ‘Crypto News’ ලෙස යොදා තිබෙනවා.

කෙසේ වෙතත් Youtube සමාජ මාධ්‍යය තුළ ‘TV Derana’ Youtube නාළිකාවේ පලකර තිබූ නාට්‍ය හෝ සංගීත වැටසටහන් පිරික්සීමේදී (Search) එම නාට්‍ය හෝ වැඩසටහන් නොමැති වුවත් ‘TV Derana’ Youtube නාළිකාවේ Playlist පිරික්සීමේදී එම වීඩියෝ තවදුරටත් Unlisted තත්ත්වයෙන් දක්නට ලැබෙනවා.

අද (29) පස්වරුවේ පටන් ‘TV Derana’Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එම ප්‍රහාරය පිළිබදව දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතාද ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

‘TV Derana’ Youtube නාළිකාව භාරව කටයුතු කරන කළමණාකරුගේ Gmail ලිපිනයද මේ වන විට හැකර්වරුන් සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

‘TV Derana’ Youtube නාළිකාව හැකර් ප්‍රහාරයට ලක්වන විටත් එය සතුව මිලියන 3 කට අධික ග්‍රාහකයන් (Subscribers)ප්‍රමාණයක් සිටීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම ක්‍රියාව පිළිබදව සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර අදහස් පළවනවා.

ඇතැමෙකු මේ පිළිබදව අදහස් දක්වමින් පවසන්නේ මෙය දෙරණ ආයතනය තුළින්ම සිදුකරන ලද ක්‍රියාවක් ලෙසයි.


RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...