ගොවීන් ආණ්ඩුවට වී නොදෙනවා නොව ආණ්ඩුව ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වන බව රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණ කුමාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ, මෙලෙස ආණ්ඩුවට වී අස්වැන්නෙන් 1/10ක්වත් ගැනීමට ධාරිතාවක් නැති බවත් ආණ්ඩුවට වී ගබඩා කිරිමට උපරිම ගබඩා පහසුකම් තිබෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට පමණක් බවයි.
එමගින් ලබාගත හැක්කේ සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ දහසක පමණ ප්‍රමාණයක් බවත් එය රටේ සහල් අවශ්‍යතාවයට අනුව මාසයකටවත් සපුරාගැනීමට නොහැකි බවයි අරුණ කුමාර මහතා පවසන්නේ.
එම නිසා පුද්ගලික අංශය සමග තරගයක් දීමට ආණ්ඩුවට කොහොමටවත්ම නොහැකි බවට පවසමින් ඔහු කියා සිටියේ, කිසිම කොන්දේසියක් නැතිව පෞද්ගලික අංශය වී මිලදී ගැනීමේදී ආණ්ඩුව කොන්දේසි දමන්නේ ඒ හේතුවෙන් බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අරුණ කුමාර මහතා :
“පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගත් විට සහල් මිල ඉහළ යන බව ආණ්ඩුව හොඳටම දන්නවා. හැබැයි ඒක වළක්වන්න සහල් වෙළෙඳපොළේ තරගයක් ඇති කරන්න ආණ්ඩුවට බැහැ. ඒ සඳහා කළ හැකිව තිබුණේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ශක්තිමත් කිරීම හාරහා සහල් වෙළෙඳපොළේ තරගයක් ඇති කරන්න ආණ්ඩුවට බැහැ. ඒ සඳහා කළ හැකිව තිබුණේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ශක්තිමත් කිරීම හරහා සහල් වෙළඳපොළේ තරඟයක් ඇති කර එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම වුවත් ආණ්ඩුව ඒක කළේ නැහැ.
විකල්පයක් විදිහට ගොවියා අමතක කර සහල් ආනයනයට ආණ්ඩුව පෙළඹෙන්නෙත් නැහැ. ඒ, මෝඩ කතා කියනවාට වඩා වැඩ කිරීම භයානක බව ආණ්ඩුව දන්නා නිසයි. ගොවියා මට්ටු කරන්න ගිය හැම වතාවකම ඇනගෙන ඇත්තේ ඒ ඒ ආණ්ඩු මිසක් ගොවියා නොවන බව ආණ්ඩුව හොඳටම දන්නවා. පොහොර වතුර ආදිය ලබන කන්නයේදී ඩඩ්ලිගෙන් ඉල්ලා ගන්න කියා ලාල් මහත්තයා කියන්නේ ගැලරිය සතුටු කරන්න මිසක ඇත්තටම කරන්න නොවෙයි. ආණ්ඩුව ඉන්දියාවෙන් සහල් ආනයනය කළත් ඒවා අඩු මිලකට ජනතාවට දෙන්නෙත් නැහැ”
මේ අතර රජයේ සහතික මිල යටතේ වී ලබාගැනීම සඳහා සියලුම ප්‍රදේශවල වී ගබඩා විවෘත කර ඇති බවට රජය දැනුම් දී තිබුණද අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ කිසිදු ගබඩාවක් මේ වනතෙක් විවෘත කර නොමැති බවත් රජයේ මිලට වී අස්වනු අලෙවි කිරීමට ස්ථානයක් නොමැති බවත් රඹෑව ගොවි ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරනවා.
ගොවීන් එහිදී චෝදනා කර ඇත්තේ, වී සඳහා රජය ලබා දී ඇති මිල ද ප්‍රමාණවත් නොවන බවයි.
මෙම ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන වන අලි හේතුවෙන් වී අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් ගොවීන්ට අහිමිවන බවත් වී අස්වැන්න නෙළීම සඳහා වැය වන කුලිය පියවීමට රජයේ වැඩ පිළිවෙළ යටතේ කඩිනමින්
සිදුකිරීමට නොහැකි බැවින් ප්‍රදේශයේ මෝල් හිමියන්ට සහ ව්‍යාපාරිකයන්ට සිය අස්වැන්න ලබාදීමට කටයුතු කරන බවත් ගොවීන් පවසනවා.