25 C
Colombo
Friday, March 29, 2024

Online ක්‍රමයට මත්පැන් විකුණන්න අවසර දෙන්න. සුරාබදු කොමසාරිස් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

- Advertisement -

සංචරණ සීමා නිසා මේ වන විට දිවයින පුරා සුරාසැල් වසා දමා තිබීම හේතුවෙන් Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළෙඳසැල්වලට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ දිවයින පුරා සුරාසැල් වසා දමා තිබීම හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට හා පරිහරණයට පෙළඹී ඇති බවට පසුගිය කාල සීමාවේදී නිරීක්ෂණය වී ඇති බවයි.

එමෙන්ම මෙවැනි කටයුතු නිසා ඉදිරියේදී රජයේ බදු ආදායම් දීර්ඝ කාලීනව අහිමිවී යාමේ අවදානමක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ වන විටත් පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීම් සළකා බලා නියමු ව්‍යාපෘතියක් ලෙස පාරිභෝගියකයින් වෙත මත්පැන් සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමට අවසර ලබාදෙන ලෙසයි අදාළ ලිපියෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා ඉල්ලා ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...