මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බවයි.
ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.