31.1 C
Colombo
Sunday, July 13, 2025

බෙහෙත් මිල අඩු කරන්න පුළුවන් වුනත් බාධාවක් තියෙනවා – වෛද්‍ය ආනන්ද

- Advertisement -

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඔහු පවසන්නේ, අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරී මුහුණදී සිටි අර්බුදකාරී තත්වයෙන් මිදී මේ වන විට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇති බවත් එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි ඉක්මණින් පත්වීමට හැකියාව ඇති බවයි ඔහු පවසන්නේ.

ඖෂධ ලියාපදිංචිය, තත්ව පරීක්‍ෂණය සහ ලිපි ගණදෙනු සඳහා ඊ සිස්ටම් එකක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය වර්ෂය තුළ මෙවැනි ව්‍යාපෘති ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළා.

වෛද්‍යවරයා පවසන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලික වගකීම සහ පරමාර්තය ජනතාවට සුරක්‍ෂිත, ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිලට ඖෂධ සැපයීම බවත් පසුගිය කාලයේ ජනතාව ඖෂධ පිළිබද්‍ව විශ්වාසය නැති වූ බවයි.

ඖධෂ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක බවත් වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

POPULAR ARTICLES