27 C
Colombo
Friday, April 19, 2024

රනිල් ගැලවුම්කාරයා නොවුනට එයාට අර්බුදය විසඳන්න පුළුවන්..! – වික්ටර් අයිවන්

- Advertisement -

වර්තමානයේදී සිදුවෙමින් ඇත්තේ ආණ්ඩු බිඳවැටීමක් නොව රාජ්‍ය බිඳ වැටීමක් බවත් මෙම අර්බුදය ගැඹුරින් විග්‍රහ කිරීමේ හෝ තේරුම් ගැනීමේ හැකියාව ඇත්තේ එ.ජා.ජ නායක රනිල් වික්‍රමසිංහට පමණක් බවත් මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා.

ඒ, බීබීසීය සමග රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන සංවාදයකට එක් වෙමින්.

“මේක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නෙමෙයි. ආණ්ඩුවක් වැටුණොත් ආණ්ඩුවක් බලයට එනවා. රාජ්‍යක් වැටුණොත් රාජ්‍යයක් බලයට එන්නේ නැහැ. රාජ්‍යක් බිඳ වැටෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක් රටකට. මේ ලංකාව මුහුණ දීලා තියෙන්නේ විශාල ප්‍රශ්නයකට.

එල්.ටී.ටී.ඊ, ජේ.වී.පී මේ ඔක්කම අර්බුද එකට ගත්තත් මෙච්චර විශාල නැහැ. මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ සියලු දෙනා එකට එකතුවෙලා විශාල විදිහේ ව්‍යුහමය වැඩසටහනකට යොමු කිරීමෙන්.

ගෙවුම් ශේෂ අර්බුදය මේ අර්බුදයේ එක අංගයක් පමණයි. මතුපිටින් පෙනෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය ඇත්තටම මේකේ යට තියෙන බරපතල අර්බුදය තමයි, සමාජ ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ තියෙන අර්බුදය.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ ඇයි? මේක පවත්වාගෙන යන්න බැරිතරම් අවුලක තියෙන බව ඒ ගොල්ලන්ට වහංගු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ගැඹුරු න්‍යායික අවබෝධයක් තියෙනවා කියලා මේ අර්බුදය ගැන, ආණ්ඩුවට. එහෙම තියෙනවා නම්, මේ විදහට මේ තරම් මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ,

දේශපාලන නායකයෝ අතර සමහර අංශ වලින් තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අසමත් වුණත්, මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කිරීමේ හෝ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක එයා දිගින් දිගටම පෙන්වලා තියෙන දෙයක්.

එකෙන් මම කියන්නේ නැහැ එයා තමා ගැලවුම්කාරයා කියලා. නමුත් මෙතෙන ඉන්න පරිනත මිනිසුන්ගෙන් එක්කෙනෙක් එයා. මේක විශාල, ප්‍රබල ඒකාග්‍ර උත්සායකින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් කියලයි මම දකින්නේ”

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...