27 C
Colombo
Sunday, June 26, 2022

ඇෆ්ගනිස්තානය අත්හැ⁣රීමේ ඇමෙරිකාවේ තීරණය ප්‍රශ්නකාරී වුවත් චීනයේ ප්‍රශ්නකිරීම් යුක්ති යුක්තද?

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ මෑතකාලීන වර්ධනයක් දෙස බලන විට කුරිරු තලේබාන් ත්‍රස්තයන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්තානය අත්හැර දමා ඉවත්ව යාමේ ඇමරිකාවේ තීරණය බරපතළ වැරැද්දක් බව සැලකිය හැකියි.

ඇෆ්ගනිස්තානය තුළ ඇමරිකානු බලපෑම දශක දෙකකට ආසන්න කාලයක් පැවතුණ ද රටින් පිටත සිටිමින් ඇෆ්ගනිස්තානය පාලනය කිරීමේ ඇමෙරිකානු සියලු ප්‍රයත්නයන් අසාර්ථක වුණා.

පසුගිය දශක දෙක තුළ හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග සහ ඇමරිකාව ප්‍රමුඛ රටවල් ප්‍රමුඛ කළ අති විශාල අරමුදල් ප්‍රමාණය ඇෆ්ගනිස්ථානය තුල යම් යම් සාධනීය බලපෑම් ඇති කරනු ලැබූවත් ඉතා දූෂිත ඇෆ්ගන් ප්‍රභූ පැලැන්තිය සැබෑ ප්‍රගතියක් හා ප්‍රතිසංස්කරණ සඳහා ඇමරිකාව දැරූ උත්සාහය විනාශ කර දැමූ බවට විවාදයක් නැහැ.

රට කොල්ලකෑමේ සහ ආයතන හිස් කිරීමේ වරදට මෙම ප්‍රභූ පැලැන්තිය සාධාරණ වගකීමක් ගත යුතු වනවා මෙන්ම ඒ සියල්ලටත් වඩා ඇෆ්ගන් කතුන්ට, දරුවන්ට සහ සුළු ජාතීන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නට ඉඩ හැර තලේබාන්වරුන්ට කාබුල් වෙත බාධාවකින් තොරව ඇතුළු වීමට ඉඩ දුන් ඇෆ්ගන් හමුදාවට අත් සෝදාගෙන පසෙකට විය නොහැකියි.

මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ඇෆ්ගනිස්ථාන යක් සඳහා වූ ඇමරිකාවේ උත්සාහයන් හා ආයෝජන එරටින් ඉවත් වීම නම් බරපතළ විනාශය නිසාවෙන්ම මුළුමනින්ම ඵල රහිත වී තිබෙනවා.

ඇමරිකානු මැදිහත්වීම මත ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ස්ථාවරත්වය හා ආරක්ෂාවෙන් ප්‍රතිලාභ ලැබූ රටවල් අතුරින් එකක් වූ චීනය, තමන්ගේ මිත්‍ර පාක්ෂික රටවල විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ පාර්ශවකරුවෙක් සහ ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටින ඇමරිකාවේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම යම් ආකාරයක ලක්ෂණීය අවස්ථාවාදීත්වයක්ලෙස සැලකිය හැකියි.

තමන්ගේම පුරවැසියන් මර්දනය කරන හා සූරාකන සහ රටවල් වංචනික ලෙස ණය උගුලක හසු කර ඇති චීනයේ ක්‍රියාකලාපය පිළිබඳ සලකන විට චීනය එල්ල කරන චෝදනා වඩාත් ගැටළුසහගතයි.

චීනයේ අසල්වැසි අග්නිදිග ආසියානු රටවලට සහයෝගය පළ කරන බවට ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් සහතික වීම සහ ආසියානු මුහුදු සීමාවේදී චීනය බියගැන්වීම් කළ බවට චෝදනා කිරීම සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වූ චීනය සඳහන් කළේ සිය ආත්මාර්ථකාමී විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ ඇමරිකාව කෙරෙහි ලොව කිසිදු රටක් විශ්වාසය නොතබනු ඇති බවයි.

අග්නිදිග ආසියාවේ සතියකට ආසන්න රාජතාන්ත්‍රික සංචාරය අතරතුර සිංගප්පූරුවේ දී සිදු කළ කතාවක දී කමලා හැරිස් මානව හිමිකම් හා ජාත්‍යන්තර නීති රීති මත පදනම්ව ගොඩනැගුණු කලාපයක් පිළිබඳ ඇමරිකානු දැක්ම ඉදිරිපත් කළ අතර ආසියාව කෙරෙහි චින්තනයේ කැපවීම යළි යළිත් අවධාරණය කළා.

“දකුණු චීන මුහුදේ වැඩි අයිතියක් සඳහා හිමිකම් පෑමට චීනය, අඛණ්ඩව බිය ගැන්ගැන්වීම් හා බලහත්කාරකම් පාන බව අපි දනිමු. මෙම නීති විරෝධී ඉල්ලීම 2010දී බේරුම්කාර විනිශ්චය මණ්ඩලයක් විසින් ඉවත දමන ලදී. එම නීත්‍යානුකූල නියෝගය නොසලකා හරිමින් චීනය කලාපයේ රටවල ස්වෛරීභාවයට තර්ජනය කරමින් සිටි.” උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කළා.

සිංගප්පූරුව, අග්නිදිග ආසියාව පමණක් නොව සමස්ත ඉන්දු – පැසිෆික් කලාපය පුරාම ඇමරිකානු හවුල්කාරීත්වයන් එක්සත් ජනපදය ඉහළම ප්‍රමුඛතාවක් වන අතර මෙම කලාපය සියලු ජාතීන්ගේ ආරක්ෂාව හා සමෘද්ධිය සඳහා ඉතා වැදගත් බවද කමලා හැරිස් මෙහිදී පවසා සිටියා.

සෘජුව චීනයට එරෙහි වීමේ ජෝ බයිඩන්ගේ අභිප්‍රාය නැවත නැවත ප්‍රකාශ කිරීම සහ චීන අසල්වැසියන්ට අමරිකානු සහය ලබාදෙන බවට සහතික වීමට කමලා හැරිස් ගත් උත්සාහය පිළිබඳ කණස්සල්ල පළ කළ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin චෝදනාත්මක ව ප්‍රතිචාර දැක්වූයේ ය, ඇමෙරිකාව සිය අනෙකා පීඩාවට පත් කිරීමට සහ අධිපතිවාදී හැසිරීම ආරක්ෂා කර ගැනීමට ගෝලීය නීති හා නියෝග පදනම් කරගන්නා බවයි.

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්වය දෙස බැලීමේදී ඇමරිකාව පවසන නීතිය ආධිපත්‍යය කුමක්දැයි පැහැදිලි වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා.

” ස්වෛරී රටකට මිලිටරි මැදිහත්වීමක් සිදු කිරීමට ඇමරිකාවට හැකි වන අතර ඒ තුළ ජනතාව පත්වන දුක් වේදනා ගැන වගකීමක් නොමැත. පළමුව ඇමරිකාව ( America First) සංකල්පය ආරක්ෂා කර ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිසිදු මිලක් නොගෙවාම ඕනෑම රටකට මඩ ගැසීමට, මර්දනය කිරීමට බලහත්කාරය පෑමට ඇමරිකාවට හැකියි. ඇමරිකාවට අවශ්‍ය නියෝගය එයයි. නමුත් දැන් ඔවුන්ව විශ්වාස කරන්නේ කවුද?” චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට ගත් තීරණය ඇමරිකාව තම මිත්‍ර පාක්ෂික රාජ්‍යයන් සමඟ නොසිටින බවට සලකුණක් යැයි යන මතය ප්‍රචාරය කිරීමට චීනය උත්සාහ ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවේ ක්‍රමය, චීනයේ සූරාකෑමේ ප්‍රතිපත්ති වලට වඩා බෙහෙවින් පුළුල් සහ උසස් බව ලෝකයේ ඇති පිළිගැනීම නිසාවෙනි.

චීනය නොඉවසීමට වඩාත් හේතු වන්නේ අග්නිදිග ආසියානු රටවල් චීනයේ ව්‍යාප්තවාදයට එරෙහිව ශක්තිමත් හා විශ්වාසදායක බලකොටුවක් ලෙස ඇමෙරිකාව කෙරෙහි විශ්වාසය තැබීමයි.

වොෂින්ටනය ඇෆ්ගනිස්තානය අත්හැරීමත් සමඟ අග්නිදිග ආසියාව කෙරෙහි ඇමරිකාවේ අරමුණ දුර්වල වන බවට හුවා දැක්වීමට චීන මාධ්‍ය දැරූ උත්සාහයන් පිළිබඳ ඔවුන් සැක මතු කර තිබුණා.

ඊට හාත්පසින්ම වෙනස් වූ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම පිළිබඳ බයිඩන්ගේ තර්කය වූයේ ඒ හරහා ඇමරිකාවට අද සැබෑ තර්ජනයක් වී තිබෙන චීන අභියෝගයට වැඩි අවධානයක් ලබා දීමට හැකිවන බවයි.

“සියවසේ දැවැන්තම භූ දේශපාලනික පරීක්ෂණය” ලෙස ඇමෙරිකාව විසින් හඳුන්වා දී ඇති දෙරට අතර ඇති එදිරිවාදිකමේ සංකේන්ද්‍රණය දකුණු චීන මුහුද හා තායිවානයයි.

මේ නිසාම ඉදිරි කාලයේදී ඇමරිකාවේ වැඩි අවධානයක් හා ආයෝජන මෙම කලාප වෙත ලැබෙනු ඇති. ඇෆ්ගනිස්තාන අර්බුදය නිමා නොවූ පසුබිමක උපජනාධිපති කමලා හැරිස්ගේ කලාපීය සංචාරයත් එහි පෙර නිමිත්තක්.

ටිබෙටයේ, ෂින්ජියෑංහි හෝ මොංගෝලියාවේ වෙසෙන තම රට වැසියන් කෙරෙහි චීනයේ සාහසිකත්වය සැලකීමේදී ඇමෙරිකාව විශ්වාස කළ හැකි මිතුරකු නොවන බව හුවා දැක්වීම හරහා දැක්වීම හරහා උසස් සදාචාරාත්මක පසුබිමක් ගොඩ නංවා ගැනීමට චීනය දරන ප්‍රයත්නය හාස්‍යජනක එකක්. චීනය එම කලාපවල ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් පාගා දමා තිබෙනවා. මෑතකදී හොංකොං වැසියන් තලා පෙලා දැමීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම් පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් චීනය හැසිරුණු ආකාරය කිසිවකුට හෝ අමතක වී තිබිය නොහැකියි.

ලොවපුරා ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් ඇති බොහෝ රටවල් චීනයේ මෙම මානව හිමිකම් නොසලකන, ඒ වෙනුවට අනුගමනය කරන සූරාකෑම හා අධිපතිවාදය මිශ්‍ර ඒකාධිපති ක්‍රමය පිළිකුල් කරනවා.

චීනයේ මිතුරන් යැයි කියාගන්නා අතලොස්සක් රටවල් ගතහොත් චීනය හා සමාන ඒකාධිපතිවාදයක් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු පවතින රටවල් හෝ චීන ණය උගුලේ සිර වූ රටවල්ය.

චීනයේ මෑත කාලීකාලීනව ලෝකයට කළ විශාලතම “අපනයනය” වූ කොවිඩ් 19 වෛරසය නිසාද චීනය කෙරෙහි දැඩි විරෝධයක් ලොව පුරා රටවලින් එල්ල වී තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ චීනයේ මෙම දායාදය නිසා මනුෂ්‍ය වර්ගයාට සිදු වූ ව්‍යස⁣නයේ ස්වභාවය හා පරිමාණය සැලකීමේදී චීනයට තමන් විශ්වාසදායක සහකරුවෙක් ලෝකයට පැවසිය හැකිද ?

ඇෆ්ගනිස්ථානය තුළ ඇමරිකානු භූමිකාව විවේචනය කරන චීනයේ එහි භූමිකාව ද හොඳ එකක් නොවෙයි. මේ දක්වා තිබෙන තත්ත්වය සැලකීමේදී ඇෆ්ගනිස්තානය පිළිබඳව චීනය ප්‍රතිපත්තිය අධිරාජ්‍යවාදී, අවස්ථාවාදී, සූරාකෑම සහ අධික ආත්මාර්ථකාමී එකක් විනා අන් කිසිවක් නොවේ.

චීනය මේ වනවිටත් තලේබාන් සංවිධානය සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව චීනය මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ඇෆ්ගනිස්ථානය පාලනය කිරීම පිළිගන්නා ස්ථාවරයකයි.

තලේබාන්වරුන්ගේ පැරණි කෲර පාලනය ඇෆ්ගන් ජනතා මත පැටවීම හෝ කාන්තා අයිතිවාසිකම් අහිමි කිරීම වැනි කාරණා චීනයට ගැටලුවක් නොවන්නේ ඔවුන් ද මානව හිමිකම් සුරැකීමු හෝ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳ එතරම් වද නොවන නිසාය.

සුබවාදීව හා අපේක්ෂාසහගතව දැඩි කැළඹිලි සහිත ඇෆ්ගනිස්තානය කෙරෙහි දක්වන සැලකිල්ලේදී චීනය, සැඟව තිබෙන ඉදිරි අවදානම් නිසි පරිමාණයෙන් දැන ගත යුතුව තිබෙනවා. ඊට යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් පසුගියදා කාබුල්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිහිපත් කර කර ගැනීම ප්‍රමාණවත්.

පසුගිය වසරේ දී ඇමරිකාව සමග දෝහාහි දී අත්සන් කළ සාම ගිවිසුමේ සියලු කරුණු තලේබාන් සංවිධානය මේ වන විටත් කඩ කර අවසන් වන අතර ත්‍රස්තවාදී සංවිධානයේ ආකල්ප හා මූලධර්ම අනාගතයේ දී වෙනස් විය නොහැකි බව චීනය සිහිතබා ගත යුතුයි.

RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...