32 C
Colombo
Friday, March 29, 2024

ශ්‍රී ලංකාව රුසියාවේ උදව් නොගන්න බව තානාපති කියනවා..! – ගම්මන්පිළ

- Advertisement -

මිතුරන් කව්දැයි කථාවෙන් නොව ක්‍රියාවෙන් තීරණය කරන ලෙසට රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

ඒ, රුසියානු තානාපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10ක නියෝජිතයින් අතර ඊයේ (21) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ,

“ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශි ආර්ථික සහයෝගිතා කොමිසම කියලා කොමිසමක් තියෙනවා. මේක වරින් වර හමුවෙනවා. මේ තියෙන ආර්ථික ප්‍රශ්න කථා කරන් තියෙන හොඳම තැන මෙතන මේ වසරේ හමුවීම තිබුණේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම්දීලා තියෙනවා අපිට අප්‍රේල් මාසයේ හමුවෙන්න බැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන්නම් කියලා. මේක කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව.. සම්බන්ධීකරණය කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශයෙන්. වෙළෙඳ ඇමතිතුමාටත් මතක් කළා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මතක් කළා නමුත් මේ දක්වා ඒකට දිනයක් දුන්නේ නැහැ කියලා.

මේ සාකච්ඡාවේ වාසිය තියෙන්නේ අපිට, මොකද අපි හිරවෙලා ඉන්නේ. අපිටයි තෙල් ටික ගෑස් ටික පොහොර ටික ගල් අඟුරුටික රුසියාවෙන් අවශ්‍යවෙන්නේ නමුත් ශ්‍රී ලංකාව පැත්තේන් කල්දානවා දින නියමයක් නැතුව දිනයක් දාමුනේද කියලා රුසියාවෙන් මතක්කරනවා. හැබැයි ලංකාවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට තේරේන්නේ නැහැ. කොහොම නමුත් රුසියානු තානාපතිතුමා හරි අපූරු උදෙසක් දුන්නා ලංකාවට “ඔබේ මිතුරන් කව්ද කියලා කථාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තීරණය කරගන්න” කියලා. මේක ආණ්ඩුව බරපතළ ලෙස සලකා බැලියයුතු උපදෙසක්.


RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...