30 C
Colombo
Sunday, December 3, 2023

චීනය, ඉන්දීයාව ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් බැසිල් හමුවෙයි

- Advertisement -

ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය ඇතුළු රටවල් 7 ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට බලපාන විවිධ කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

වසංගතය පාලනය කිරීම සඳහා සහාය දීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ද තමන් සූදානම් බව තානාපතිවරු මෙහි දී පවසා තිබෙනවා.

නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික ඇතුළු සියළු ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කිරීම තමාගේ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...