25 C
Colombo
Sunday, December 10, 2023

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ගිලන්රථ ගාස්තුවලින් නිදහස් බව කියා ඇමති ජයන්ත සමරවීර මූණ පෙන්නලා

- Advertisement -

අධිවේගී මාර්ග ඔස්සේ රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 20 වනදා සිට අදාල තීන්දුව ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් තම මැදිහත්වීම දැක්වෙන ආකාරයේ ප්‍රචාරයක් ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරමින් පවතිනවා.

ඔහු සඳහන් කරන්නේ ඉත්තෑපාන රෝහලේ ගිලන් රථ රියදුරෙකු විසින් තම සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට සිදුකරන ලද දැනුවත්කිරීම මත තමාගේ මැදිහත්වීමෙන් අදාළ පාර්ශව දැනුවත් කල බවයි.

ඒ අනුව මෙම තීරණය ගත් බව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ඡායාරූපයක්, ගිලන් රථයක් හා ජයන්ත සමරවීර මහතා සිනහ මුසු මුහුණින් සිටිනා ඡායාරූපයක් එක්කොට සාදාගන්නා ලද පෝස්ටරයක් මාර්ගයෙන් ” රෝගීන් ගෙන යන ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කරන ලදී” ලෙස ප්‍රචාරය කර තිබෙනවා.

ඔහුගේ මෙම පෝස්ටරය මගින් අධිවේගී මාර්ගවල ගිලන් රථවලින් ගාස්තු අයකරගන්නා බවක් නොදැන සිටි බොහෝ දෙනෙක් දැනුවත්වූ ආකාරයක් දක්නට ලැබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වන්නන් සදහන් කර තිබුණේ අත්‍යාවශ්‍ය මෙන්ම අතිශය සංවේදී සේවාවක් වන ගිලන් රථ සේවාවෙන්ද ගාස්තු අයකිරීමට මෙතෙක් ආණ්ඩුව කටයුතු කළේ ඇයිද යන්නයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...