26 C
Colombo
Wednesday, February 19, 2025

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සංශෝධනය කරන්න – මානව හිමිකම් කවුන්සිලය

- Advertisement -

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කළේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත පිළිබඳව ඉතා බැරෑරුම්ව අවධානය යෙමු කළ බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් නමුත්, මෙම යෝජිත නීතිය මගින් අතීතයේ සිට පැවති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, විධායකයට අධීක බලතල ලබා දෙනු ඇති අතර පනතේ බලතල අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට අවස්ථාව හිමි වනු ඇති බවද මෙමඟින් පෙන්වා දෙනවා.

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇති අතර දීර්ඝ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමටද අවසර දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරාණය කරනවා .

දැනට යෝජිත නීතියේ ත්‍රස්තවාදී ක්‍රියා අතිශය පුළුල් ලෙස නිර්වචනය කිරීමත්, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමා කිරීමත්, මෙහිදී මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වූ කරුණු අතර වෙනවා.

එමෙන්ම රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කිරීම ද අවධානයට ලක්වී ඇති තවත් කරුණක්.

ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් සමග සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස යෝජිත පනත් කෙටුම්පත බරපතල ලෙස සංශෝධනය කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES