පාර්ලිමේන්තුවෙන් තේරී පත්වූ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ මෙරට තානාපතිනිය වන ජූලි චන්ග් ප්‍රකාශ කරනවා.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
“මෙම අභියෝගාත්මක කාලවල දී, ආර්ථික අර්බුදය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ” යැයි එහි සඳහන්.
අමෙරිකාවේ මෙරට තානාපතිවරිය විසින් නිකුත් කළ ට්විටර් නිවේදනය පහතින්,
