28.4 C
Colombo
Thursday, April 25, 2024

ඇමරිකන් බැසිල් ඇමරිකානු සමාගමකට රටේ බලාගාර පවරනවා – අනුර

- Advertisement -

විදුලිය උත්පාදනය හා ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (19) දින අනාවරණය කර සිටියා.

කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහාභාණ්ඩාගාරයට අයත් 40% ක් ඇමරිකාවේ නිව් පෝට්ට්‍රෙස් නමැති සමාගමට විකිණීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන විට කැබිනට් මණ්ඩලය එම යෝජනාව කිසිඳු ඇමතිවරයෙක් දැක හෝ නොතිබූ බවයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා නිසි ටෙන්ඩර් පටිපාටියෙන් පිට මෙම ගණුදෙනුව ඇමරිකානු සමාගමකට පවරා ඇති බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

“අනුමත කරලා කියනවා. මෙහෙම ‘කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත’. අත්සන් කරාට පස්සේ මොකක්ද අනුමත කරන්න කියන්නේ. අත්සන් කරලා ඉවරයි. ” යැයි ඒ මහතා පවසයි.

17 වෙනිදා රෑ 12 පසුවි විනාඩි 06 ට මීට අදාල ගිවිසුම් අත්සන් කළ බවත් අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු ජාතිකයා පසුවදා පාන්දර 2ට ඇමරිකාව බලා පිටත්ව ගිය බවත් ජනාධිපතිවරයාද පසුව ඇමරිකාව බලා පිටත්ව ගිය බවත් ඔහු පෙන්වා දෙනවා.

” ඔබ හිතනවාද මේ රටේ රෑ 12 .6ට ගිවිසුම් අත්සන් කරන්න. බකමුණො ද මේ ගොල්ලෝ. නිසාචරයින්ද? දැන් මොකද වෙන්නේ බලශක්ති ක්ෂෙත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ” යැයි ඔහු පවසයි.’

මෙය වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට යාමට අපෙක්ෂා කරන බවත් කොවිඩ් තත්වය භාවිතා කරගෙන විරෝධතා වළක්වා ලමින් රජය මෙවැනි ගිවිසුම් වලට එළැඹෙමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...