28.4 C
Colombo
Friday, April 26, 2024

අමෙරිකාව සමඟ වන ආතතිය වැඩිවෙද්දී චීන, ඉරාන සබඳතා දැඩි වෙයි

- Advertisement -

එක්සත් ජනපදය සමඟ ඉහළ යන ආතතීන් මධ්‍යයේ, ඉරානය සහ චීනය ඔවුන්ගේ යුධ සබඳතා ක්‍රියාශීලීව ඉහළ නංවා ගැනිමින් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙංගේ ටෙහෙරානයේ සංචාරයක ද නිරත විය.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවති රැස්වීමේදී ඉරානය ඒකාබද්ධ යුධ අභ්‍යාස, උපාය මාර්ග හුවමාරු කර ගැනීම සහ පුහුණුව සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට එකඟ වූ බව ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි පැවසීය.

වඩා හොඳ ආරක්ෂාවක් සැපයීමට හැකි වන පරිදි දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර පුහුණු ගැටළු සහ අනෙකුත් පොදු ක්ෂේත්‍ර පුළුල් කිරීමටද එහිදී එකඟ වූ බව බගෙරි සදහන් කළේය.

මේ අතර ,චීනය සහ ඉරානය අතර උපායමාර්ගික ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සංචාරයේ අරමුණ බව චීන ආරක්ෂක අමාත්‍ය වෙයි පැවසීය.

එක්සත් ජනපදය සමඟ නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ චීනය සහ ඉරානය මෑත වසරවලදී ඔවුන්ගේ යුධ සබඳතා වැඩි දියුණු කර ඇති අතර ජනවාරි මාසයේදී, දෙරට සහ රුසියාව සමඟ ඉන්දියානු සාගරයේ ඒකාබද්ධ නාවික අභ්‍යාස ද පවත්වනු ලැබිණ.

පසුගිය වසරේ චීනය සහ ඉරානය ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් වසර 25ක සහයෝගීතා ගිවිසුමකටද අත්සන් තැබීය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...