31 C
Colombo
Friday, April 19, 2024

අමිතාබ් භච්චනුත් කැමති යොහානිගෙ සිංදුව (VIDEO)

- Advertisement -

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි සමඟ නැවත වීඩියෝවක් එළිදැක්වූයේ මීට මාස 2කට උඩදීයි.

ඉතාම කෙටි කලකින් යූ ටියුබ් වෙබ් අඩවියේ නැරඹුම් වාර මිලියන 29ක් පසු කිරීමට එම ගීතයට හැකිවූයේ දෙස් විදෙස් රසික ප්‍රතිචාර රැසක් ලබාගනිමින්.

මේ අතර ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් ද එම ගීතය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් 1981 රංගනයෙන් දායක වූ කාලියා චිත්‍රපටයේ ඇතුලත් ජහන් තේරී යේ නසර් හේ ගීතයේ රූපරාමු මැනිකේ මගේ හිතේ ගීතයට ඇතුලත් කර සංස්කරණය කළ වීඩියෝව තමන් රස විඳි බවත් ඊට අමට්තරව තමන් ගීතය ඉතා රස විඳි බවත් එය නොනවත්වා දිගින් දිගටම ඇසීමට තරම් ප්‍රිය ජනක බවත් ය.

අමිතාබ් භච්චන්ගේ මෙම සටහන ඉන්දීය මාධ්‍ය වලද අවධානයට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් ලිපියක් පල කර තිබුනේ මේ අයුරින්,

https://indianexpress.com/article/trending/trending-in-india/amitabh-bachchan-dancing-kaalia-sri-lankan-song-7455176/

අමිතාබ් රඟන හිංදි ගීතය පහළින්

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...