අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරියෙක් ගමන් කල යතුරු පැදිය ඊයේ (07) දිනයේ අනතුරට ලක්වුණා.
කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස අනතුර සිදුකර ඇති අතර පොලීසිය පවසන්නේ ඔහු බීමතින් සිට ඇති බවයි.
රිය අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඔහු රජයේ නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ පමණක් රිය අනතුරුවලින් මරණ 6 ක් වාර්තා වුණා.

