23 C
Colombo
Friday, February 14, 2025

පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

- Advertisement -

ගම්පොළ, ගෙළිඹය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ අම්පාර බස් නැවතුම්පළේදියි.

එහිදී ඇය සමඟ සිටි සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින් ඇයව අම්පාර ප්‍රදේශයට රැගෙන විත් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එහිදී අද උදෑසන අදාළ සැකකරු විසින් මෙම සිසුවියට ඇයව නිවෙස වෙත නැවත ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුපොලට පැමිණ නුවර බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවී ඇති අතර, එහිදී ඇයට නිහඬව සිටින ලෙසට තර්ජනය කර ඇති බවයි.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩු කර තිබෙනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES