28.4 C
Colombo
Sunday, May 18, 2025

රාජතාන්ත්‍රිකයන් පුහුණු කරන්න ගිවිසුමක්

- Advertisement -

එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පාර්ශ්වයන්ට ක්‍රියාකාරකම් වර්ධනය කර ක්‍රියාත්මක කළ හැකි සහයෝගිතා වැඩ රාමුවක් සැපයීමටත්, පවතින සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පහසුකම් සැලසීමටත් හැකි වන පරිදි එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර වසර 03 ක කාලයක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබුණා.

එම අවබෝධතා ගිවිසුම යටතේ විශේෂයෙන්ම තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අදාළව පුහුණු සහ ඉගෙනුම් සහාය, රාජ්‍යතාන්ත්‍රිකයින් පුහුණු කිරීම, ආපදා අවදානම අවම කිරීම සහ අර්බුද කළමනාකරණය හා භූ – තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබඳව පුහුණු කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, දෙපාර්ශ්වය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...