24 C
Colombo
Wednesday, January 22, 2025

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

- Advertisement -

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ හයවන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවටයි එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ පළමු අදියරයේ ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 01 වන ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්න 3 සඳහා සියලු‍ විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ගැටලූවට ලබාදිය හැකි වඩාත් සාධාරණ සහ සුදුසුම විසදුම එය බවයි.

ඒ අනුව, ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES