24 C
Colombo
Thursday, February 20, 2025

තාඹුගලගෙන් CID නිලධාරීන් කප්පම් ඉල්ලූ බවට චෝදනාවක්

- Advertisement -

හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළැයි කියන ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තාගෙන් රහස් පොලිස් නිලධාරීන් මීට පෙර රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මියට ඊයේ (27) දැනුම් දී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහ දැනට සිටින නිලධාරින් තම සේවාදායකයාගෙන් මෙලෙස කප්පම් ඉල්ලු බව දැනුම් දුන් නීතිඥ උපාලි ජයමාන්න මහතා ඒ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියා.

හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව IWS හෝල්ඩින් සමාගම පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගල නමැත්තා රිමාන්ඩ් භාරයට පත්කර සිටි අතර සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ දී සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවම අවසන් කර නැතැයි දැනුම් දී තිබෙනවා.

සැකකාර අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ මූල්‍ය ගනුදෙනුව සිවිල් ගනුදෙනුවක් බවත්, මෙම සිද්ධියේ අපරාධමය චෝදනාවක් අනාවරණය නොවන බවත් සඳහන් කළා.

මෙම ගනුදෙනුවට අදාළව දිසා අධිකරණයේ වන්දි නඩු දෙකක් පවරා ඇතැයි කියමින් ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියා.

මෙම සිද්ධියට අමතරව තම සේවාදායකයාට එරෙහිව රහස් පොලිසියේ තවත් පැමිණිලි කිහිපයක්ම විභාග වන බවත්, එම සිද්ධියකට අදාළව විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ හිටපු නිලධාරියකු සහ වත්මන් නිලධාරීන් දෙදෙනකු තම සේවාදායකයාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පමක් වශයෙන් ඉල්ලා ඇතැයි ද සඳහන් වනවා.

පසුව එම කප්පම් මුදල රුපියල් කෝටි 05 දක්වා අඩු කර ඉන් රුපියල් කෝටි 02ක මුදලක් අත්තිකාරමක් වශයෙන් ලබාගෙන ඇති බවත්, රහස් ප්‍රකාශයක් මගින් මේ සම්බන්ධයෙන් සියලු කරුණු එළි කිරීමට තම සේවාදායකයා සූදානම් හෙයින් ඊට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටින බවත් නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙහෙදී ප්‍රකාශ කළ.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 100 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන ජුලි 24 වැනිදා සිද්ධියට අදාළව කරන වමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළා.


RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...