දකුණු කොරියානු බටහිර මුහුදට F-16 නැමැති ඇමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම යානයේ නියමුවා ව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වී තිබෙනවා.
අමෙරිකාවට අයත් F – 16 ප්‍රහාරක යානයක් දකුණු කොරියාවේදී මෑත කාලයේදී අනතුරට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වනවා.
යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි නියමුවා ඉන් ඉවතට පැන ඇති අතර පැයකට පමණ පසුව ඔහුව බේරා ගැනීමට දකුණු කොරියානු බේරාගැනීමේ කණ්ඩායම සමත් වුණා.
පසුගිය දෙසැම්බර් මාසයේදීද පුහුණු සැසියක් අතරතුර F – 16 යානයක් කඩා වැටුණු අතර පසුව එහි නියමුවාව බේරා ගනු ලැබුවා.