පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් තර තිබෙනවා.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීමේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය ප්රශ්නකාරී බව ලැබී ඇති තොරතුරුවලින් පැහැදිලි වන බවත් එ් හේතුවෙන් මේ පිළිබඳ ව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට වහාම මැදිහත් වන ලෙස වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ය.
මධ්යවේදියකුට පමණක් නොව රටේ ඕනෑ ම පුරවැසියකුට පුරවැසි මාධ්‍යකරුවකු ලෙස කටයුතු කිරීමේ නිදහස පාගා දැමීමට හෝ මර්ධනය කිරීමට නොහැකි බව මෙමගින් පෙන්වාදී තිබෙනවා.
තවද කල්ප ගුණරත්න මහතාට සාධාරණය ඉටු කිරීම සඳහා සමගි නීතිඥ සංගමයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් උපදෙස් ලබා දී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වනවා.