ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය ම්.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පැවැතිය හොත් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ අවධානම සම්බන්ධයෙන් අවධානයෙන් සිට අවශ්‍යය වුවොත් පමණක් ආරක්ෂාකාරී ස්ථානයකට යෑමට සුදානම් වන ලෙසයි.
මෙලෙස නාය යෑමේ අවධානමක් සහිත ප්‍රදේශ ලෙස එම සංවිධානය හඳුනාගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශයි.