31.1 C
Colombo
Tuesday, July 8, 2025

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මැරයො ගැන නිවේදනයක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානාත්වයෙන් පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්වීමකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ඉලක්ක කර ගනිමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ තර්ජන හා බිය වැද්දීමෙන් රට තුල මාධ්‍ය නිදහසට එල්ලවි ඇති බරපතල තර්ජනය යළි තහවුරු කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ප්‍රචාරක රැස්වීම තුළ එකම පාර්ශවය දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විසින් පටිගත කර තිබෙන බවත් එම දර්ශන ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව හෝ ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කැමරා බලහත්කාරයෙන් පැහැර ගනිමින් අදාල ගැටුමේ දර්ශන මකාදමා තිබෙන බවත් ය.

එම අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම මාධ්‍යවේදීන් වෙත තර්ජනය කර තිබු බව පැවසෙනවා.

මෙවැනි තත්ත්වයන් දැඩි පිළිකුලෙන් යුතුව ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙලා දකින බවත් එය භාෂණය හා ප්‍රකාශන නිදහසට එල්ල කර ඇති තර්ජනයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

පාතාලය පැරා මිලිටරි කණ්ඩායම් මෙන්ම ආරක්ෂක සේවාවන් මගින් ද ඇතැම් අවස්ථාවලදී බිය වැදීම් හා තර්ජන ඝාතනයන්ද සිදුවන සමාජයක ජනමාධ්‍යවේදීන් ඇතුළු සමස්ත පුරවැසියන් ආරක්ෂිතභාවයට ගොදුරු වී තිබීම කනගාටුදායක තත්වයක් බව මෙම නිවේදනයේ තවදුරටත් සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙවැනි අනීතික තර්ජන පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

දහම්පාසල් ගුරුවරුන්ට හොද කලක්

2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට...

ජනක චන්ද්‍රගුප්තට ඇප

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය...

උඩින් පහත් වෙන ෆෝන්

බූස්ස බන්ධනාගාරය විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකථන 8ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසුවා. එම බන්ධනාගාරයේ විශේෂ අංශයට යම්කිසි...

POPULAR ARTICLES