27.2 C
Colombo
Saturday, June 21, 2025

ශිෂ්‍යත්වෙ ගැන සජිත්ගෙන් නිවේදනයක්

- Advertisement -

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවීම ඉතා කණගාටුදායක සිදුවීමක් වන අතර මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන දෙපාර්ශවය ඉතා කළකිරීමට පත්ව තිබෙන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ හේතුවෙන් ලංකාවේ ජාතික විභාග පද්ධතියේ අවංකභාවය පිළිබඳ සැකයක් ද මේ වන විට ජනසමාජයේ මතුව තිබෙන බව එම නිවේදනයෙන් පෙන්වා දි තිබෙනවා.

මෙම සිදුවීම හරහා විභාගය සඳහා වසර ගණනාවක් ඉතා උනන්දුවෙන් සූදානම් වූ සිසුන් දැඩි ලෙස කලකිරීමටත් කනස්සල්ලට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීම හේතුවෙන් ඔවුන් විසින් දරණ ලද දැඩි වෙහෙස මහන්සිය සහ අනාගත අපේක්ෂාවන්ට හානි විය හැකි බවට බියෙන් පසුවන සිසුන් දෙමාපියන්ද මෙම බරපතල ගැටලු‍ව වෙනුවෙන් සාධාරණ සහ යුක්ති සහගත විසඳුමක් අපේක්ෂාවෙන් සිටින බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එබැවින් මෙම බරපතල ගැටලු‍ව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES