31 C
Colombo
Wednesday, March 19, 2025

නීතිපතිවරයාගේ ලිපිය ගැන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයෙන් නිවේදනයක්

- Advertisement -

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන විමර්ශනයට අදාළ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට හැකි බව නීතිපතිවරයා දැනුම් දීමත් සමඟ,වසර 16කට පසුවත් එම ඝාතනයට යුක්තිය ඉටු කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලාංකික සංගම් වන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සමඟ එක්වෙමින්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමේ නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබෙනවා.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යන දණ්ඩමුක්තිය අවසන් කිරීමට දැඩි හා කඩිනම් පියවර ගන්නා ලෙස එම මාධ්‍ය සංගම් සියල්ල රජයෙන් ඉල්ලා සිටි‍යා.

මේ වන විට මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින විවිධ මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් විසින් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි සිදුවූ අපරාධවලට දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගේද මෙම ඝාතන විමර්ශනයට අදාළ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය දැඩි ලෙස හෙළා දකිමින් ලිපියක් යොමු කර තිබූ අතර නීතිපතිවරයාගේ එම තීරණය හිතාමතාම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බව එමඟින් අවධාරණය කර තිබුණා.

ඇය තවදුරටත් සඳහන් කර තිබුණේ නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආයුතු බවයි.

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සහ තවත් 117 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන්ද සැකකරුවන් අත්අඩංගුවට නොගෙන නඩු ගොනුව වසා දැමීමට නීතිපති දෙපාර්තුමේන්තුව පසුගිය දිනක පියවර ගත්තේ, වැලිසර මහේස්ත්‍රාත්වරයාගේද විරෝධය හමුවේදීයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES