24 C
Colombo
Thursday, February 13, 2025

අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැණ තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය අද (21) මෙම නියෝගය නිකුත් කළා.

එහිදී, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා පවසා තිබුණේ සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමට පෙර ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කළ යුතු බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින වැරදිවලට අදාළව චෝදනා පත්‍රයක් පෙබරවාරි මස තුන දින අධිකරණයට ගොනු කරන ලෙසත්, එලෙස චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා තිබුණා.

පොලිසිය මෙහිදී අධිකරණයට පවසා සිටියේ ඊයේ (20) රාත්‍රියේ සැකකාර මන්ත්‍රීවරයා යාපනය ප්‍රදේශයේ සිට A9 මාර්ගය ඔස්සේ රඹෑව හරහා කොළඹ දෙසට මෝටර් රථයක් ධාවනය කළ බවයි.

එම අවස්ථාවේ රැබෑව විස්සේ කණුව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සැකකාර මන්ත්‍රීවරයා පරීක්ෂා කර ඇති අතර එම පරීක්ෂාවේදී සිය රියැදුරු බලපත්‍රය හෝ ජාතික හැදුනුම්පත පොලිසියට ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත් වූ බව ද පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබුණා.

කෙසේවෙතත්, මින් පෙර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කළ බවයි.

පසුව එහි නිවැරදි කිරීමක් සිදුවිය යුතු පවසමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ නමුත්, ඔහුව අත්ඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.