නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටු තත්වයෙන් දිවයිනට වෙන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කර තිබෙනවා
එද දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවයි.
ඒ අනුව, එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇති.
කෙසේවෙතත්, උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළුන් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.
විශේෂයෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති වීමට නියමිතයි.
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බවද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා .
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 50-55 අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා