26 C
Colombo
Friday, February 14, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන  බවට නිවේදනයක්

- Advertisement -

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවයි.

මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇති.

එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර පසුව ජනපති ලෙස පත් වූ බයිඩන් සිය ධුරයේ පළමු දිනයේදීම එම තීරණය අවලංගු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...