28 C
Colombo
Thursday, January 16, 2025

ජනාධිපති අරමුදල ගැන හෙළිදරව්වට දයාසිරිගෙන් උත්තරයක්

- Advertisement -

තමා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ජනාධිපති අරමුදලෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබාගත් පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනාවරණයක් සිදුකළ අතර ඒ අතර දායාසිරි ජයසේකර මහතාගේ නමද කියවුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (20) පැවසූවේ තමා එම ලබාගත් මුදල එම අරමුදලෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවයි.

තමාට 2015 වසරේ හදිසියේ හටගත් හෘදයාබාධයක් වෙනුවෙන් ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතරතුර එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුව දුක් බැලීමට පැමිණි අවස්තාවේ සිදුකළ දැනුම්දීමකට අනුව එම රෝහල් ගාස්තුවෙන් කොටසක් ජනාධිපති අරමුදල හරහා ලබාගත් බව ජයසේකර මහතා එහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...