30 C
Colombo
Wednesday, June 25, 2025

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

- Advertisement -

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඊයේ (22) මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා.

රට අර්බුකාරී තත්වයකට පත්ව ඇති මෙවැනි මොහොතක සිය පක්ෂයට ජනවරමක් ලැබී ඇති බවත් එම තත්වය මඟ හරවා ගැනීම සඳහා වැඩ කටයුතු හෙට සිටම ආරම්භ කළ යුතු බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පවසා සිටියා.

එමෙන්ම,  රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයට අත්දැකීම් කිසිවක් නොමැති බවට සමාජයෙන් එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ  රට බංකොලොත්භාවායට පත් කිරීම පිළිබඳව අත්දැකීමක් නම් ඔවුන්ගේ පක්ෂයට නොමැති බවයි.

කෙසේවෙතත්, ඉදිරියේදී රට දියුණු කරමින් අත්දැකීම් එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව හරීනි අමරසූරිය මහත්මිය මෙහිදී අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES