29 C
Colombo
Saturday, January 18, 2025

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

- Advertisement -

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඇතැම් මාධ්‍ය මගින් හුවාදක්වන පරිදි අමාත්‍යවරයා තමාට හෝ කතරගම දේවාලයට අපහාසයක් සිදුකළේ යැයි තමා කිසිසේත් විශ්වාස නොකරන බවයි.

රජයේ කා‍ර්යන් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතුය යන්න එම අවස්ථාවේදී අමාත්‍යවරයා අදහස් කළ බව බස්නායක නිලමේවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඉදිරියේදී දේශපාලන උවමනාව මත හෝ කිසියම් අයෙකුට ඇති වන සංවේදී සිතුවිල්ලක් පමණක් සලකා බලා  රජයේ සංවර්ධන කටයුතු සඳහා දායක විය නොහැකි බවත්  එලෙස සිදුකරන පරිත්‍යාග ආදිය ජාතික සැලැස්මක් අනුව සිදු කළ යුතු බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම ප්‍රකාශයට ඇතැම් පාර්ශවවල විරෝධය එල්ල වූ අතර සමාජ මාධ්‍ය තුළද එය දැඩි ලෙස කතාබහට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

POPULAR ARTICLES