25 C
Colombo
Friday, January 17, 2025

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

- Advertisement -

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා .

මෙම පද්ධතියේ පවතින ගැටලු කාරි තත්වය මත සේවා සැපයිම අභියෝගයට ලක්නොවන පරිදි ආයතන අතර අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කරමින් පවතින බවද නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වෛද්‍ය සැපයීම් ක්‍රියාවලිය සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා ඖෂධ හිඟයක් හා මිල ඉහලගොස් තිබේද යන්න සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය විසින් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.

තවද රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ තොග කළමණාකරණය සම්බන්ධයෙන් ස්වස්ථා මෘදුකාංග පද්ධතියක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා එය යාවත්කාලීන වන බවද සඳහන් කළා.

ඖෂධ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොමැතිවීම ,ලියාපදිංචි වු සැපයුම්කරුවන් මිල ගණන් කැඳවන අවස්ථාවේ ලංසු ඉදිරිපත් නොකිරිම මෙන්න අධික මිල ගණන් ඉදිරිපත් කිරිම සැපයුම්කරුවන් නිසිවේලාවට සැපයුම් නොකිරිම මෙම සමස්ත ක්‍රියාලියේ පවතින අක්‍රමිකතා සහ දුර්වලතා ලෙස ඔහු පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES