ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12.5ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 35ක සිරදඬුවම් ලබා සිටින රේගු හිටපු අධිකාරිවරු හතර දෙනෙකු ඔවුන්ගේ දඬුවම්වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙන බව සඳහන්.
පංචිකාවන්ත ප්‍රදේශයේ මෝටර්රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් 2015 වසරේ දී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආනයනය කළ මෝටර් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා රුපියල් කෝටි 15ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 12.5ක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකාර හිටපු රේගු අධිකාරිවරු හතර දෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබුණා.
එම චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම හිටපු රේගු අධිකාරීවරු සිය අභියාචනා පෙත්සම්වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා