27 C
Colombo
Saturday, May 24, 2025

‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

- Advertisement -

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි  විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...