මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.
ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද මෙහිදී පවසා සිටියා.
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ශ්‍රී ලංකාව තවත් වෙනිසියුලාවක් වීමට ඉඩ නොදී ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට හැකි වූයේ ජනාධිපතිවරයාගේ දුරදක්නා තීන්දු තීරණ හේතූ වූ බවත් එම නිසා රට ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට පක්ෂ දේශපාලනය පසෙක තබා සහාය දීම සියලු දෙනාගේ වගකීම බවත් ඒ මහතා අවධාරණය කළා.