කිසියම් පිරිසක් රූමස්සල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පහර දී ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට හානි කර ඇති බවට ‘සුරකිමු රූමස්සල ව්‍යාපාරය’ චෝදනා කරනවා.
රූමස්සල සංවේදී කලාපයට හානි කරමින් මාර්ගයක් ඉදිකිරීම ගැන ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වූ ප්‍රතිචාරයක් ඊට හේතුව බවයි පැවසෙන්නේ.
පහර කෑ පුද්ගලයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ගාල්ල වරාය පොලීසිය ප්‍රකාශ කරන්නේ පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිල්ලක්ද ලැබී ඇති බවත් ඒ සම්බන්දයෙන් විමර්ශනයක්ද සිදුකෙරෙමින් පවතින බවත්ය.


