27 C
Colombo
Friday, April 19, 2024

කාදිනල් හිමි සිටින අගරදගුරු නිලනිවස වැටලීමේ සූදානමක්

- Advertisement -

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට විරෝධය පලකරමින් බොරැල්ලේ පිහිටි අගරදගුරු නිලනිවස වැටලීමේ උත්සහයක් අද (12) දහවල් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

මේ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද සහභාගීවීමට නියමිත වන අතර වටිනාපහ සෝමානන්ද භික්ෂුව එහි ප්‍රදානත්වය දරන බවයි වාර්තා වන්නේ.

පවත්නා ආර්ථික අර්බුදය කළමණාකරණය කරගැනීමට ආණ්ඩුවට නොහැකිවීම හා පාස්කු වින්දිතයන් හට මේ වන තෙක් සාධාරණයක් නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වන විරෝධතා රැළි කිහිපයකටම පසුගියදා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වුණා.

මේ අතර කුප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න හා අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් යන අය ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගීවන තවත් විරෝධතා පාගමනක් මේ වන විටත් කොළඹදී ක්‍රියාත්මක වනවා.

එහි තේමාව වන්නේ ‘ව්‍යාජ ජනමතයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු’ යන්නයි.


RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...