33 C
Colombo
Tuesday, April 16, 2024

අයවැය හිඟය පියවීමට කෝටි තුන් ලක්ෂයක ණය ගැනීමේ සූදානමක්

- Advertisement -

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.

ඒ අනුව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත සමග අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ලබා ගැනීම් යෝජනාව ද ඉදිරිපත් කරනු ඇතියි.

ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන බවටද , ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයිද ගණන් බලා ඇත.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

එබැවින් රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනීම් සඳහා ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

විදෙස් ආයෝජකයන්ගෙන් ලංකාවට කොළ එළියක්

ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 75කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...