24.5 C
Colombo
Tuesday, June 17, 2025

අමෙරිකාවේ භූ කම්පනයක්

- Advertisement -

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුරයි ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපක 3.7ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.

භූ කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) වාර්තා කරන්නේ, භූ කම්පනය ප්‍රදේශයේ 5,000කට අධික පිරිසකට දැනී ඇති බවයි.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් අලාභහානි කිසිවක් වාර්තා වී නැහැ.

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...