පිලිපීනයේ – ලුසොන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයට විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති අතර, පිලිපීන කාලගුණ ආයතනය පෙන්වා දෙන්නේ භූමිකම්පනයෙන් තවත් පසු කම්පන ඇති විය හැකි බවයි.