26.7 C
Colombo
Sunday, July 20, 2025

ජපානයේ දූපතක භූකම්පනයක්

- Advertisement -

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක්.

එහි කේන්ද්‍රව කිලෝමීටර් 19ක් පමණ ගැඹුරු මුහුද යට හටගෙන තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් ටොෂිමා ගම්මානයේ නිලධාරීන් පවසා ඇත්තේ එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මේ වන විට ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇති බවත්ය.

මේ අතර ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටොෂිමා ගම්මානයේ භූ කම්පන මාලාවක්ම ඇතිවූ බවත් ජපාන වේලාවෙන් ඊයේ උදෑසනද අකුසේකි-ජිමා දූපතට රික්ටර් මාපකයේ 5.4ක භූ කම්පන තත්ත්වයක් ඇති වූ බවයි.

එමෙන්ම පසුගිය මාසයේ සිට ටොකාරා දූපත් අසල භූ කම්පන ක්‍රියාකාරකම්ද ඉහළ මට්ටමක පැවැති බවත් ජපාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES