32 C
Colombo
Friday, March 29, 2024

පෙරළිකාර අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 09ක පහසු ජයක්

- Advertisement -

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තමන් සහභාගි වූ පළමු තරගය අයර්ලන්තය කඩුලු 09කින් පරාජය කරමින් පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී ලකුණු 129ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 15ක් තුළ එම ඉලක්කය පසු කිරීම විශේෂයි.

විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පිට පිට දෙවන තරගයේදිත් අර්ධ ශතකයක් වාර්තා කරමින් පන්දු 43ක් තුළ ලකුණු 68ක් වාර්තා කළේ 4 පහර 5ක් සහ 6 පහර 03ක් සමගින්.

ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජයද සිල්වා සහ චරිත් අසලංක ලකුණු 31 බැගින් ලබාගත්තා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.

එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබාගනිමින් Group 01 හි දෙවන ස්ථානයට පත්වූයේ + 2.467ක NRR එකක් රදවා ගනිමින්.

ඊයේ පැවති තරගය ඕස්ට්‍රේලියාව පරදා ප්‍රසාද ලකුණු 2ක් සහ +4.450ක NRR සමගින් ජයගත් නවසීලන්තය තවදුරටත් Group 01 හි පෙරමුණේ රැදී සිටිනවා.

සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන 25 වනදා ඕස්ට්‍රේලියාව සමග පර්ත්හිදී පැවැත්වීමට නියමිතයි.

IRE – 128-8(20 ) SL – 133-1 (15)

SL Bowling –
M.Theekshana 4 – 19 – 2 ER 4.8
W. Hasaranga 4 – 25 – 2 ER 6.2

SL Batting –
K.Mendis – 68 (43)
D.De Silva – 31 (25)
C.Asalanka – 31 (22)

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...