32 C
Colombo
Thursday, March 28, 2024

පැපුවා නිව්ගිනියාවට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

- Advertisement -

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් පමණි. ප්‍රතිවාදී පිතිකරුවන් අතරින් අසාද් වාලා ලකුණු 51 ක් ලබා හුදෙකලා සටනක නිරත වද්දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. ඔවුන්ට අමතර නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්හ.

අබුඩාබිහි ටොලරන්ස් ඕවල් පිටියේ පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කර ගත්තා. පිතිකරුවන් අතර වැඩි බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අවිෂ්ක ප්‍රනාන්දු මේ තරගයේදීද සාර්ථක වෙමින් අර්ධ ශතකයක් රැස් කරගැනීමට සමත් වුණා.

පන්දු 37 කට මුහුණ දුන් අවිෂ්ක වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තා. එම අගනා ඉනිම සඳහා ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළා.

අවසන් ඉනිම කීපයේදීම ලකුණු අතර නොසිටි පැතුම් තේරීම් කමිටුවේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් මෙම තරඟයේදී ලකුණු අතරට පැමිණීම⁣ට සමත් වුණා. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පැතුම් නිස්සංක ලකුණු 76ක් රැස් කළා.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටය යටතේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව එහි පළමු තරගය සඳහා ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව තරග වදිනු ඇත. එම තරග වටය යටතේ ශ්‍රී ලංකාව 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරඟ වදිනු ඇත.

RECENT ARTICLES - SINHALA

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...