ඊජිප්තු මල්ලවපොර ක්‍රීඩකයෙකු වන 26 හැවිරිදි මොහොමඩ් කේෂෝ ඊබ්‍රහිම් ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් පැරිසියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) අලුයම 5ට පමණ ඕස් කැෆේ නැමැති අවන්හලක් ඉදිරිපිට දී ඔහුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආපන ශාලාවේ සිටි කාන්තාවකගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කිරීමේ චෝදනාව මතයි.
ඔහුව ආචාර ධර්ම කමිටුව විසින් විමර්ශනය කරනු ලබන ඊජිප්තු ඔලිම්පික් කමිටුව (EOC) සඳහන් කරනවා.
එම කමිටුව වැඩිදුරටත් පවසා ඇත්තේ, චෝදනාව තහවුරු වුවහොත් ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්විය හැකි බවයි.
ඔහු 2020 ටෝකියෝහි පැවති ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් දිනා තිබෙනවා.