28.8 C
Colombo
Wednesday, March 26, 2025

කාලගුණයෙන් ජනතාවට හදිසි නිවේදනයක් 

- Advertisement -

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකියි.

එමෙන්ම, දකුණු පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට නියමිතයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු...

POPULAR ARTICLES