25 C
Colombo
Monday, October 14, 2024

ගුවන් මගීන්ගේ ගමන් මලු සොරාගත් සේවකයෙක් මාට්ටු

- Advertisement -

කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු රහසිගතව විවෘත කර ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මීගමුව, තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරන්නෙක් වනවා.

මොහු ඉකුත් 23 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු, ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය වෙත රහසිගතව ඇතුළු වී, එහි තිබූ ගමන් මලු හොරෙන් විවෘත කර ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකාරය, එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබෙනවා.

මෙම කැමරා දර්ශන නිරීක්ෂණය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ලබා දීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි

දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ...

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...