එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුලු පිරිසකට ඇතුළු පිරිසකට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් පුද්ගලයින් පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදියි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් එම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.