26 C
Colombo
Friday, February 14, 2025

ඖෂධ චෝදනාව ගැන පැහැදිලි කිරිමක්

- Advertisement -

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවයි.

අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද ඇණවුමක් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් තිබූ අයිතමයක් බවයි.

අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය සහිත අවම මිල ඉදිරිපත්කළ ලංසුකරු වෙත බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරනවා.

එමෙන්ම මෙම ටෙන්ඩරය සඳහා සහභාගි වූ ලංසුකරු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු වන අතර රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ගෙවීම පැහැරහැරීම මත අධ්‍යක්ෂ මණ්ඩල විසින් 2024.10.29 වන දින “ගනු දෙනු පැහැර හරින ලද”සැපයුම්කරුවකු ලෙස තීරණය කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ප්‍රසම්පාදන කමිටුව විසින් එම සැපයුම්කරු වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තීරණය කර තිබුණ ද නැවත කරන ලද පසු විපරම් ක්‍රියාවලියේදී මෙම සැපයුම්කරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හරින ලද සැපයුම්කරුවකු බව හඳුනාගෙන එම ටෙන්ඩර් මණ්ඩලය විසින් ම එය අවලංගු කර ඇති බවයි.

එසේම මෙම ටෙන්ඩරය නැවතත් ඉදිරිපත්ව තිබු අනෙකුත් ලංසුකරුවන් අතරින් සුදුසු ලංසුකරුවකු තෝරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන අවසන් කොට තිබූ බව අදාළ නිවේනදයයේ දැක්වෙනවා.

මගින් මෙම ටෙන්ඩරය සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් වන විටත් ඉහත ක්‍රියාවලිය අවසන් කොට තිබූ බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...