26 C
Colombo
Wednesday, January 22, 2025

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

- Advertisement -

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව මෙරට සෞඛ්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජේෂ්ඨ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පැවසුවේ 2023 වසරේ දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරට තුල ද HMPV වෛරස ආසාදිතයින් හමුවී ඇති බවයි.

ඒ බව පරීක්ෂණවලින් හෙළිවු බවත් මෙම වසරේ HMPV වෛරසයට අදාළ පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බවත් ඇය සඳහන් කළා.

එමෙන්ම පසුගිය අවුරුද්දේ (2024) මහනුවර ප්‍රදේශයෙන් ද මෙම වෛරසය ආසාධිත පුද්ගලයින් හමු වී බවයි

චීනයේ HMPV වෛරසයට වඩා ස්වසන රෝග පද්ධතිය ආශ්‍රිත රෝගවල වැඩිපුර ආසාදනයන් ඉන්ෆලුවෙන්සා වෛරසය මඟින් තිබෙන බව මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කල දත්තවලින් පෙන්වාදෙන බව මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පවසනවා.

”අනවශ්‍ය බියක් සහ තැතිගැන්මක් ඇතිවෙලා තියෙනවා මාධ්‍ය තුළ.. චීනය ඉතාමත් භයානක තත්වයක් තියෙනවා. අලුත් වෛරසයක් ඇවිල්ලා. කොවිඩ් 19 වසංගත තත්වයට නැවත අපිට යන්න ඉඩ තියෙයි කියලා කතාවක් යනවා.. දැන් ඇත්තටම කියන්න තියෙන්නේ මේ කිව්වා වගේ මේ වෛරසය අවුරුදු විස්සක් තිස්සේ ලෝකයේ හැමතැනම තිබිලා තියෙනවා සහ අපේ ටෙස්ට් ටෙස්ටින් වලින් මේක අහුවෙලා තියෙනවා. දැන් ඇත්තටම කියනවා නං මේ වෛරසය ශ්වසන මාර්ග ඒ කියන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් වැඩිපුරම එන්නේ සීත කාලයේ.. දැන් ලංකාවේ එහෙම කාලයක් නැති වුණාට ලෝකයේ අනිත් රටවල් වල තියෙනවා. මෙම වෛරසය කාලයෙන් කාලයට මතුවෙනවා. ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, කාලවල් වල තමයි ලෝකේ හැමතැනම මතුවන්නේ.. දැන් අපි මේ වෛරසය ලංකාවේ තියෙනවා කියලා හොයා ගත්තා මං කිව්වා වගේ මහනුවර ඉස්පිරිතාලෙන්.. කවුරුත් මේවා වාර්තා කරන්නෙත් නැත්තේ ඒවා වාර්තා කරන්න තරම් අලුත් දේවල් නොවන හින්දා. එතකොට වැදගත් නොවන දේවල් ඉතින් වාර්තා කරන්න ඕනෙත් නැහැ. ඒක ඉතාමත් සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දේවල් ඇත්තටම වාර්තා කරන්න අනවශ් යයි. ඉතින් දැන් කියන්න තියෙන්නේ ඒකට කිසිම බිය විය යුතු හේතුවක් නැහැ කියලා.”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES